පිහිටීම

ගාල්ල දිස්ත්‍රික්කයේ කරන්දෙණිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය වෙරළ බඩ කලාපයට මදක් ඔබ්බෙන් මද  තැනිතලා සහිත භුමි භාගයක පිහිටා ඇත.

නැගෙනහිර දේශාංශ 80-5 සිට 80-10 අතර ද

උතුරු අක්ෂාංශ 6-15 සිට 6-20 අතර ද වේ

කරන්දෙණිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ සිමාවන්

            උතුර      - බෙන්තර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය

            ගිණිකොණ  - ඇල්පිටිය හා වැලිවිටිය දිවිතුර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය

            දකුණ     - අමිබලන්ගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය

            බටහිර    - බළපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය

කරන්දෙණිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය කරන්දෙණිය මැතිවරණ කොට්ඨාශයට අයත්ය. මෙම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ විශාලත්වය හෙක්ටයාර 8423කි.(වර්ග කි.මි.84) පරිපාලනමය වශයෙන් ග්‍රාම නිළධාරි  කොට්ඨාශ 40කින් සමන්විත වේ. ගාල්ල දිස්ත්‍රික්කයේ මුළු බිම් ප්‍රමානයෙන්  5%ක් මෙම කොට්ඨාශයට අයත් වේ.

අපගේ දැක්ම
"ප්‍රශස්ථ ප්‍රාදේශිය  මහජන සේවාවක් සපයමින් රටේ තිරසාර සංවර්ධනයට දායක විම"

අපගේ මෙහෙවර
"රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව සේවා සැපයීම, සම්පත් සම්බන්ධීකරණය හා ජනතා සහභාගීත්වයෙන් යුත් කාර්යක්ෂම, තිරසාර හා සැලසුම්ගත සංවර්ධන ක්‍රියාවලියක් තුලින් ප්‍රදේශයේ ජන දිවිය නංවාලීම"
 
 
ආයතනයේ විකාශනය
වර්ෂ 1973  කරන්දෙණිය ගම්සභා ගොඩනැගිල්ල තුළ කරන්දෙණියේ ප්‍රථම ප්‍රාදේශී‍ය උප දිසපති කාර්යාලය ආරම්භ කරන ලද්දේ දීර්ඝ කාලීන ඉල්ලීමක ප්‍රතිඵලයක් වශයෙනි.

අනතුරුව,1979.08.16 දින  කරන්දෙණිය මහඒදණ්ඩ ප්‍රදේශයේ ස්ථාන ගත කෙරුනු එම  කාර්යාලය 1992 වර්ෂයේ දී ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ තත්වය ලබා මේ වන විට ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රධාන රාජ්‍ය සේවා සපයන ආයතනය බවට පත්ව ඇත.

 

1991 වසරේ සිට සේවය කල ප්‍රාදේශිය ලේකම්වරුන්

  නම    
01 ගුණතිලක මහතා (ස.ආ.ඒ.)    
02 එස්.ඒ.ඒකනායක (ස.ආ.ඒ.)    
03 විමලසිරි ‍පෙරේරා මහතා (ප්‍රා.උ.දී.)    
04 පියදාස මූදුගමුව මහතා (ප්‍රා.උ.දී.)    
05 එස්.ජයවීර සිලිවා මහතා   (ප්‍රා.උ.දී.)    
06 ඒ.විතානච්චි මහතා (ප්‍රා.උ.දී.)    
07 ඩබ්.එම්.එන්.ජයකොඩි මහතා (ප්‍රා.උ.දී.)    
08 එස්.එල්.ද සමරසේකර මහතා(ප්‍රා.උ.දී.)    
09 යූ.ඩී.සී.ජයලාල් මහතා(ප්‍රා.උ.දී.)    
10 ජේ.වන්නිආරච්චි මහතා (ප්‍රා.ලේ.)    
11 එච්.පී.සුමනසේකර මහතා (ප්‍රා.ලේ.)    
12 එච්.එන්.එස්.ටී.කේ.ද සිල්වා මිය (ප්‍රා.ලේ.)    
13 අයි.එස්. සමරකෝන් මහතා (ප්‍රා.ලේ)    
14 ඩබ්.ටී.ආර්. චන්දිමා මිය (ප්‍රා.ලේ.)    
15 එන්.වී.එස්. සුලෝචනා මිය  (ප්‍රා.ලේ)    
16 එස්.ඒ.ප්‍රසන්ති මදුරංගනී මිය  (වර්තමාන ප්‍රා.ලේ. )    

පුවත් සහ සිදුවීම්

17
සැප්2025

ක්‍රීඩා සතිය සඳහා යෝග්‍යතා වැඩසටහන 2025-09-15

ක්‍රීඩා සතිය සඳහා යෝග්‍යතා වැඩසටහන 2025-09-15

Scroll To Top